Monday, January 28, 2008

දුක සිතෙන කවියක්‌ය

ජීවිතය කවියක්‌ය
පන්හිඳක සටහන්ය
ඒ කවිය කිම රසය
කියනු බෑ කිවිදුන්ට

විල පිපුණු පියුමක්‌ය සුවඳ දුන්නේ නමුදු
පතුල රළු මඩ සිඹින නටුවෙහිම වෙයි දුගඳ
මිහිරි මැයි සිත දකින සොදුරු සඳ නිබඳවම
ගත දවන හිම සිසිල මියුරු වෙද නිරතුරුව

විදිනු මිස සියොලඟම සුළඟ රුදුනේ කොතැන
අහස හිස්‌ වී නමුදු දකින රුව නිල නොවෙද
අරුත් හිමි නොහිමි රසයෙන් මිනුම් නැති ජීවිතය
දුක හිතෙන කරුණක්‌ය සැපද දුක ලුහුබදින

2 comments:

KisaruSamarakoon said...

Mona Kunuharapa da Oiii mee..!!

Kisaru Samarakoon said...

adoo patta patta.. :D